Friday, May 25, 2018

BLE 206 - ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය පොතෙන්

මේ දක්වා ඇත්තේ "ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය" කියන පොතේ අපිට වැදගත් වෙයි කියලා හිතුන පරිච්ඡේද කිහිපයක් සහ හැඳින්වීම. මේ පොත ගැන ආචාර්යවරයා පන්තියෙදි කිව්වම හොයලා බැලුවා. ඒත් මට හොයාගන්න බැරිවුණා. ඒත් අපේ දහම් නිසුල සහෝදරයා ඒක හොයලා දුන්නා මට. මේකෙ සමහර පරිච්ඡේද ආචාර්යවරයා LMS එක හරහා අපිට ලබාදීලා තියෙනවා. එ් දුන්න ඒවට අමතරව අපිට වැදගත් වෙයි කියලා හිතුණු පරිච්ඡේද කිහිපයක් මට Scan කරලා PDF ආකාරයට පරිවර්තනය කරලා දුන්නේ අපේ ශාන් ජයමාල් සහෝදරයා. උඹලා දෙන්නටම පින්.. ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි මේ blog එකට මේවා එකතු කලේ.

01_හැඳින්වීම - ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ එම්.ජී.ඒ. කුරේ මහතා විසිනි.

02_බලය ඉදිරියේ නොසැලෙන අධිකරණය ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පාඩම් - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු වූ ආචාර්ය ඇම්.ජේ.ඒ.කුරේ මහතා විසිනි.

04_දහනවවැනි සියවස ගොවි ජනතාව සහ වාණිජ කෘෂිකර්මාන්තය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශ ප්‍රධාන හා සහාය මහාචාර්යවරයකු වූ මහාචාර්යවරය තිලක් හෙට්ටිආරච්චි මහතා විසිනි.

05_බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකු වූ ආචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ මැතිනිය විසිනි.

08_බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ඩබ්ලිවි.ජී.කුලරත්න මහතා විසිනි.

10_බ්‍රිතාන්‍යයින් යටතේ ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික වර්ධනයේ පදනම - 1796 සිට 1832 දක්වා - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකු වූ ආචාර්ය මාලනී ඇඳගම මහත්මිය විසිනි.

13_බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ලංකාවේ පරිපාලනමය සංවර්ධනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ සහාය මහාචාර්යවරියකු වූ මහාචාර්ය ජී.ආර්.ට්‍රේසි ලේටන් මැතිනිය විසිනි.

පහත දක්වා ඇති සබැඳි මගින් මෙම ලිපි PDF ආකාරයෙන් බාගත කරගත හැකිය.







No comments:

Post a Comment