Sunday, September 22, 2019

BLE 103 - Last Year Assignments

මේ දක්වා ඇත්තේ BLE 103 - ලේඛකත්වය හා සන්නිවේදනය විෂය සඳහා 2018 වසරේ ලබාදුන් assignment එක වේ. මෙම සටහන ඔබ වෙත ලබා දෙන ලද්දේ හෂාන් ආර්. ද සිල්වා සොයුරා විසිනි.

BLE 103: ලේඛකත්වය හා සන්නිවේදනය

පැවරුම් මාතෘකාව - “මුද්‍රිත මාධ්‍යයේ සිදු වූ සංවර්ධනයත් සමඟ  සිංහල ලේඛන ව්‍යවහාරයේ සිදු වූ වෙනස්කම් සාකච්ඡා කරන්න.

දහ අටවන සියවසේ දී මුද්‍රණ ශිල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසුව මුද්‍රිත මාධ්‍යයේ ඇති වූ ව්‍යාප්තිය නිසා සිංහල භාෂාවේ වෙනස්කම් රාශියක් සිදු විය. ග්‍රන්ථ ප්‍රකාශනය, පුවත්පත් සඟරා ආදියට යෝග්‍ය ලෙස සිංහල භාෂාව භාවිත කිරීමේ දී ගත යුතු පියවර පිළිබඳව විවිධ යෝජනා ඉදිරිපත් විය. ඇතැමෙක් සිංහල ලේඛන ව්‍යවහාරයේ නොයෙක් ප්‍රතිසංස්කරණ කිරීමට ද යොමු වුහ. මුද්‍රිත මාධ්‍යයට සුදුසු පරිදි සිංහල භාෂාව සකස් කර ගැනීමට දැරූ වෑයම මෙන්ම මුද්‍රිත මාධ්‍ය නිසා සිංහල ලේඛන ව්‍යවහාරය වෙනස් වූ ආකාරය විමර්ශනයට ලක් විය යුතු අංශයකි. මේ පැවරුමේ අරමුණ වන්නේ මුද්‍රිත මාධ්‍යයේ සංවර්ධනයත් සමඟ නව සන්නිවේදන අවශ්‍යතා සඳහා සිංහල භාෂාව යොදා ගැනීමේ දී සිංහල ලේඛන ව්‍යවහාරයේ ඇති වූ වෙනස්කම් සාකච්ඡා කිරීම යි.(වචන 3000ක් පමණ) 


• හැඳින්වීම - 19වන සියවසේ පමණ සිට මුද්‍රිත මාධ්‍යයේ  සිදු වූ සංවර්ධනයත් සමග සිංහල ලේඛනය වෙනස් වූ බව - ග්‍රන්ථ ප්‍රකාශනය, පුවත්පත් සඟරාවල ව්‍යාප්තිය 
• මුද්‍රිත සිංහලය හා ඊට සුදුසු පරිදි ලේඛන ක්‍රමය සකස් වීම 
• ලේඛන ක්‍රමයේ සම්මතයක් ඇති වීම - අක්ෂර වින්‍යාසය, පද බෙදීම, විරාම ලක්ෂණ 
• ලේඛන කලාවේ සිදු වූ ව්‍යාප්තිය නිසා රීති විවිධත්වයක් ඇති වීම  
• පුරාණ භාෂා රීති අභාවයට යාම හා නව භාෂා රීති එකතු වීම 
• ලේඛනය හා තාක්ෂණික මෙවලම්  නිසා සිංහල ලේඛන ක්‍රමයේ සිදු වූ වෙනස්කම් - මුද්‍රණය, යතුරුලියනය, පරිගණක. 
• අකුරු හා පිලි භාවිතයේ වෙනස්කම් ඇති කිරීමට ගත් ප්‍රයත්න - පිලි සමරූපීකරණය

අමතර කියවීම්



No comments:

Post a Comment