Friday, May 25, 2018

BLE 206 - බ්‍රිතාන්‍ය යුගයේ ආණ්ඩුකාරවරු

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාව පාලනය කළ ආණ්ඩුකාරවරුන්ගේ නාමලේඛනය උපුටා ගනු ලැබුවේ කලින් මා විසින් පල කල post එකෙහි සඳහන් කල "ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය" කියන පොතෙනි.


BLE 206 - ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය පොතෙන්

මේ දක්වා ඇත්තේ "ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය" කියන පොතේ අපිට වැදගත් වෙයි කියලා හිතුන පරිච්ඡේද කිහිපයක් සහ හැඳින්වීම. මේ පොත ගැන ආචාර්යවරයා පන්තියෙදි කිව්වම හොයලා බැලුවා. ඒත් මට හොයාගන්න බැරිවුණා. ඒත් අපේ දහම් නිසුල සහෝදරයා ඒක හොයලා දුන්නා මට. මේකෙ සමහර පරිච්ඡේද ආචාර්යවරයා LMS එක හරහා අපිට ලබාදීලා තියෙනවා. එ් දුන්න ඒවට අමතරව අපිට වැදගත් වෙයි කියලා හිතුණු පරිච්ඡේද කිහිපයක් මට Scan කරලා PDF ආකාරයට පරිවර්තනය කරලා දුන්නේ අපේ ශාන් ජයමාල් සහෝදරයා. උඹලා දෙන්නටම පින්.. ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා තමයි මේ blog එකට මේවා එකතු කලේ.

01_හැඳින්වීම - ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ එම්.ජී.ඒ. කුරේ මහතා විසිනි.

02_බලය ඉදිරියේ නොසැලෙන අධිකරණය ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පාඩම් - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු වූ ආචාර්ය ඇම්.ජේ.ඒ.කුරේ මහතා විසිනි.

04_දහනවවැනි සියවස ගොවි ජනතාව සහ වාණිජ කෘෂිකර්මාන්තය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශ ප්‍රධාන හා සහාය මහාචාර්යවරයකු වූ මහාචාර්යවරය තිලක් හෙට්ටිආරච්චි මහතා විසිනි.

05_බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ මහා මාර්ග සංවර්ධනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකු වූ ආචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ මැතිනිය විසිනි.

08_බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ ඩබ්ලිවි.ජී.කුලරත්න මහතා විසිනි.

10_බ්‍රිතාන්‍යයින් යටතේ ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික වර්ධනයේ පදනම - 1796 සිට 1832 දක්වා - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකු වූ ආචාර්ය මාලනී ඇඳගම මහත්මිය විසිනි.

13_බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ලංකාවේ පරිපාලනමය සංවර්ධනය - මෙම පරිච්ඡේදය ලියලා තියෙන්නේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා දේශපාලන විද්‍යා අංශයේ සහාය මහාචාර්යවරියකු වූ මහාචාර්ය ජී.ආර්.ට්‍රේසි ලේටන් මැතිනිය විසිනි.

පහත දක්වා ඇති සබැඳි මගින් මෙම ලිපි PDF ආකාරයෙන් බාගත කරගත හැකිය.







Wednesday, May 23, 2018

BLE 207b - Auditing වලට ඉස්සරහට හොයන්න වෙන පොතක්

BLE 207b - Cost Accounting and Auditing විෂය සඳහා අපිට ඉස්සරහට හොයන්න වෙයි කියලා හිතෙන පොතක් තමා මේ. මේක මට දුන්නේ අපේ Batch එකේම උරේෂා සොයුරිය (හැබැයි හැමෝම මෙයාව දන්නේ බෝලේ කියලා තමා). සුපුරුදු පරිදි මේක Scan කරලා දුන්නේ අපේ කනිල් සංඛ සොයුරා. උඹලා දෙන්නටම පින් හොඳේ.

පහත දක්වා ඇති සබැඳිය මගින් මෙය PDF ආකාරයෙන් බාගත කරගත හැක.


Monday, May 21, 2018

BLE 206 - රාජ්‍යය සහ ආගම

"රාජ්‍යය සහ ආගම : 1796 සිට 1847 දක්වා වූ කාලය තුළ බුද්ධාගම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් අනුගමනය කල ප්‍රතිපත්තිය" නම් වූ මෙම නිබන්ධනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අජිත් තලවත්ත මහතා විසින් සකස් කරන ලද්දකි. මෙය උපුටා ගන්නා ලද්දේ රජරට විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවියෙනි. මෙමගින් ඔබ යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙම ලිපිය එකතු කරන ලදී.

පහත දක්වා ඇති සබැඳිය මගින් ඔබට එය PDF ආකාරයෙන් බාගත කළ හැක. 



Sunday, May 20, 2018

BLE 207b - Cost Accounting and Auditing Note up to 2018.05.16

මේ තියෙන්නේ 2017.05.16 දින දක්වා අපේ BLE 207b - Cost Accounting and Auditing විෂයට අදාල  Note එක. මේක ඔයාලට දෙන්න කියලා මට එව්වේ අපේ ඉමි සමරකෝන්. ඔබට තුති...

පහත දක්වා ඇ ති සබැඳිය මගින් එය  PDF ආකාරයෙන් බාගත කල හැක.

BLE 208 - Financial Management Note Up to 2018.05.17

මේ තියෙන්නේ 2018.05.17 දින දක්වා අපේ BLE 208 - Financial Management විෂයට අදාල  Note එක. මේක ඔයාලට දෙන්න කියලා මට එව්වේ අපේ ඉමි සමරකෝන්. ඔබට තුති...

පහත දක්වා ඇති සබැඳිය මගින් එය  PDF ආකාරයෙන් බාගත කල හැක.


Download : Financial Management Note Up to 2018.05.17

Wednesday, May 16, 2018

BLE 206 - බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - ෆෙඩ්‍රික් නොර්ත් යුගය


බ්‍රිතාන්‍ය යුගයේ සිටි පළමු ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්‍රික් නෝත් මහාතාගේ කාලයේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව ලියවුණු මෙම ලිපිය උපුටා ගනු ලැබුවේ http://dampatadedunna.blogspot.com නම් blog අඩවියෙනි. ඔබට මෙමගින් යමක් ලබාගතහැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත එකතු කරන ලදී. 

පහත දක්වා ඇති සබැඳිය මගින් එම ලිපිය PDF ආකාරයෙන් බාගත කල හැක.

BLE 205 - 2018.05.18 Handout

පසුගිය සතියේදී  BLE 205 - කම්කරු නීතිය විෂයේදී ආචාර්යවරිය විසින් පවසන ලද නිබන්ධනය මේ වන විට  LMS වෙත Upload කර ඇත.

එය පහත සබැඳිය මගින්ද බාගත කල හැක.

Monday, May 14, 2018

BLE 205 - Open University Handbook

මේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධියේ තෙවන වසරේදී කම්කරු නීතිය විෂය වෙනුවෙන් භාවිතා වන පෙල පොතයි. මෙය මා වෙත ලබා දුන්නේ උමයංගනී සොයුරිය වන අතර මෙය PDF ආකාරයට පරිවර්තනය කලේ කනිල් සංඛ සොයුරා වේ. ඔබ දෙපලට තුති.... මෙය පරිශිලනය මගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙය එකතු කරන ලදී.

පහත දක්වා ඇති සබැඳිය මගින් එම පොත PDF ආකාරයෙන් බාගත කල හැක.

Download : කම්කරු නීතිය - Open University Handbook

Thursday, May 10, 2018

BLE 205 - ඔබට නැතුවම බැරි නීති පොතක් - කම්කරු නීතිය

මෙම පොත මගින් ඔබට දැනට ලංකාවේ භාවිතා වන කම්කරු නීතීන් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැනගත හැකිය. මෙ පොත මට ලබා දුන්නේ ශ්‍යාමලී ප්‍රියංගිකා සොහොයුරිය වන අතර මෙය PDF ආකාරයට පරිවර්තනය කලේ කනිල් සංඛ සොයුරා වේ. සොයුර හා සොයුරියේ ඔබට තුති..!! මෙමගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මේ පොත එකතු කරන ලදී.

පහත දක්වා ඇති සබැඳිය මගින් මෙම පොත PDF ආකාරයෙන් බාගත කල හැක. 

Tuesday, May 1, 2018

BLE 206 - ශ්‍රී ලංකාවේ වතු වගා ආර්ථිකයේ වර්ධනය

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සම්මානිත මහාචාර්යවරියක  වන මාලනී ඇඳගම මහත්මිය විසින් රචිත ලිපියකි. මෙය පසුගිය වසරෙහි ලබාදුන්නකි. මෙමගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙය එක් කරන ලදී.

1960 දශකයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලැබූ මාලනී ඇඳගම මහත්මිය පළමු රැකියාව ලෙස යටියන්තොට ගේබ්‍රියෙල් පාසලේ ගුරු තනතුරක් දරා 1974 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයට තාවකාලික කථිකාචාර්යවරියක ලෙසින් එක්වූවාය. ක්‍රමයෙන් උසස්වීම් ලබා 1995 වසරේ මහාචාර්ය පදවියද ලැබූ ඇය 2006 වසරේ සේවයෙන් විශ්‍රාම ගන්නා විට සම්මානිත මහාචාර්ය පදවියෙන්ද පිදුම් ලැබුවාය. විශ්ව විද්‍යාලයට මෙන්ම ලංකාවටද ඉතිහාසය සම්බන්ධයෙන් විශිෂ්ඨ සේවයක් කල මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය මහාවංශය හයවැනි වෙළුමේ සම්පාදක මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කළාය.

පහත දක්වා ඇති සබැඳිය මගින් එම ලිපිය PDF ආකාරයෙන් බාගත කල හැකිය.


Download : ශ්‍රී ලංකාවේ වතු වගා ආර්ථිකයේ වර්ධනය

BLE 206 - වතු ක්‍රමය තුල පැවැති කංකානි ක්‍රමය සහ නිදහස් ශ්‍රම වෙළඳපොළ

මේ දක්වා ඇත්තේ දයා අමරසේකර සහ රෝහිත දිසානායක මහත්වරුන්ගේ සංස්කරණයෙන් පලවූ  ඉඳුවර නම් පර්යේෂණාත්මක ලේඛන සංග්‍රහය යටතේ ඉතිහාසය විෂය යටතේ පලවූ ලිපියක් වන මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන රමණි හෙට්ටිආරච්චි මහත්මිය විසින් සම්පාදිතය. මෙමගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙය එක් කරන ලදී.

පහත දක්වා ඇති සබැඳිය මගින් එම ලිපිය PDF ආකාරයෙන් බාගත කල හැකිය.

Download : වතු ක්‍රමය තුල පැවැති කංකානි ක්‍රමය සහ නිදහස් ශ්‍රම වෙළඳපොළ