Tuesday, May 1, 2018

BLE 206 - ශ්‍රී ලංකාවේ වතු වගා ආර්ථිකයේ වර්ධනය

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සම්මානිත මහාචාර්යවරියක  වන මාලනී ඇඳගම මහත්මිය විසින් රචිත ලිපියකි. මෙය පසුගිය වසරෙහි ලබාදුන්නකි. මෙමගින් ඔබට යමක් ලබාගත හැකිය යන විශ්වාසය මත මෙම blog අඩවිය වෙත මෙය එක් කරන ලදී.

1960 දශකයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලැබූ මාලනී ඇඳගම මහත්මිය පළමු රැකියාව ලෙස යටියන්තොට ගේබ්‍රියෙල් පාසලේ ගුරු තනතුරක් දරා 1974 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයට තාවකාලික කථිකාචාර්යවරියක ලෙසින් එක්වූවාය. ක්‍රමයෙන් උසස්වීම් ලබා 1995 වසරේ මහාචාර්ය පදවියද ලැබූ ඇය 2006 වසරේ සේවයෙන් විශ්‍රාම ගන්නා විට සම්මානිත මහාචාර්ය පදවියෙන්ද පිදුම් ලැබුවාය. විශ්ව විද්‍යාලයට මෙන්ම ලංකාවටද ඉතිහාසය සම්බන්ධයෙන් විශිෂ්ඨ සේවයක් කල මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය මහාවංශය හයවැනි වෙළුමේ සම්පාදක මණ්ඩලයේ ලේකම් ලෙසද කටයුතු කළාය.

පහත දක්වා ඇති සබැඳිය මගින් එම ලිපිය PDF ආකාරයෙන් බාගත කල හැකිය.


Download : ශ්‍රී ලංකාවේ වතු වගා ආර්ථිකයේ වර්ධනය

No comments:

Post a Comment